Iklan

no-style

ලෝකයේ දුර්වලම Mobile අන්තර්ජාල වේගයන් ඇති රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ද එක්වී ඇති බව 2021 ජූලි Ookla Speed Test වාර්තාව පෙන්වා දෙයි

Uvindu Bro
Saturday, July 31, 2021, July 31, 2021 WIB Last Updated 2021-11-12T09:06:06Z
masukkan script iklan disini
masukkan script iklan disini


ලොව පුරා අන්තර්ජාල වේගය පිළිබඳ දත්ත සපයන සුප්‍රකට Ookla වාර්තා මාලාවේ 2021 ජූලි මාසයට අදාළ වාර්තාව මේ වන විට නිකුත් වී තිබෙන අතර එයට අනුව ලොව දුර්වලතම Mobile අන්තර්ජාල වේගය සහිත රටවල් 10 අතරට ශ්‍රී ලංකාවද ශ්‍රේණිගත වී තිබෙනවා.


මෙම රටවල් 10 අතරට එකතුවී ඇති අනෙක් රටවල් වන්නේ ඇෆ්ගනිස්ථානය, වෙනිසියුලාව, බංග්ලාදේශය, සිම්බාබ්වේ, සුඩානය, ඝානාව, සෝමාලියාව, ටැන්සානියාව හා සැම්බියාවයි.


එයිනුත් 2020 වසරට සාපේක්ෂව අන්තර්ජාල වේගය තවදුරටත් අඩු වීමක් පෙන්නුම් කරන්නේ සිම්බාබ්වේ හා ශ්‍රී ලංකාවෙ පමණක් වන අතර අනෙක් රටවල් 8ම, අන්තර්ජාල වේගය දුර්වලම රටවල් 10 අතරට එක් වී වී තිබුණත්, එම රටවල් පසුගිය වසරට සාපේක්ෂව වේගයේ වර්ධනයක් පෙන්වා තිබීම කැපී පෙනෙනවා.


ශ්‍රී ලංකාවේ පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ජූලි වන විට Mobile internet වේගය 15.7% කින් අඩුවී ඇති අතර, සිම්බාබ්වේ රාජ්‍යයේ එම අගය 15% ක් පමණ වෙනවා.


අන්තර්ජාල වේගය වැඩිම රටවල් 10 ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය, දකුණු කොරියාව, කටාර්, නෝර්වේ, සයිප්රසය, චීනය, සෞදි අරාබිය, කුවේටය, ඔස්ට්‍රේලියාව හා Luxembourg යන රටවල් දැකගැනීමට හැකියාව තිබෙනවා


Komentar

Tampilkan

Terkini

NamaLabel

+