Iklan

no-style

WhatsApp Group Call එකක් මඟහැරුණ විට නැවත එයට එක් වීමේ හැකියාව ලබාදීමට WhatsApp ආයතනය සූදානම් වෙයි

Uvindu Bro
Saturday, July 24, 2021, July 24, 2021 WIB Last Updated 2021-11-12T09:06:06Z
masukkan script iklan disini
masukkan script iklan disini


 ‌මේ වන විට WhatsApp ආයතනය විසින් WhatsApp සඳහා නව විශේෂාංග කිහිපයක්ම එළිදැක්වීමට කටයුතු කරමින් සිටින අතර ඒ අතරින් විශේෂාංග කිහිපයක් පිළිබඳව මීට පෙර අප ඔබව දැනුවත් කිරීමටද කටයුතු කරනු ලැබුවා.


මේ වනවිට, WhatsApp blog අඩවිය මගින් තවත් වැදගත් විශේෂාංගයක් පිළිබඳව වාර්තා කර සිටින අතර ඒ හරහා ඔබට ලැබෙන group call එකක් answer කිරීමට නොහැකි වුවද පසුව එම group call එකට සම්බන්ධ වීමට අවස්තාව හිමි වෙනවා.


මීට පෙර මේ ආකාරයෙන් group call එකකට එක් වීමේ අවස්තාව මග හැරී ගියහොත්, ඔබට එම සංවාදයට නැවත එක් වීමට අවශ්‍ය නම් එම call එකට සම්බන්ධ වී සිටින අයෙක් අපව එම ඇමතුමට සම්බන්ධ කරගත යුතුව තිබුණත්, මෙම නව විශේෂාංගය හරහා ඔබගේ calls tab එකෙහි එම අදාල group call එක මත පහත රූපයේ පෙන්වා ඇති ආකාරයට කොල පැහැයෙන් video call එකක් සදහා invite කර ඇති බව දැනුවත් කරනවා.


ඒ අතරම එම group call එකට ගිය පසු එම group call එකට සම්බන්ධ වී සිටින පිරිසත්, call එක සඳහා invite කර ඇති නමුත් තවමත් call එකට සම්බන්ධ වී නැති පිරිසත් දිස්වෙනවා.

එමෙන්ම මෙම සියලුම විශේෂාංග ලබාදුන්නද WhatsApp සේවාව End-To-End-Encrypted බව WhatsApp ආයතනය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

Komentar

Tampilkan

Terkini

NamaLabel

+