Iklan

no-style

Telegram Video Call එකකට සම්බන්ධ විය හැකි පරිශීලකයන් ගණන 1,000 දක්වා වැඩි කරයි

Uvindu Bro
Saturday, July 31, 2021, July 31, 2021 WIB Last Updated 2021-11-12T09:06:05Z
masukkan script iklan disini
masukkan script iklan disini

 


Telegram සමාගම විසින් හදුන්වාදෙනු ලැබූ එකවර පරිශිලකයන් 30 ක් පමණ සම්බන්ධ කර පවත්වාගෙන යා හැකි Video Call පහසුකම ගැන මීට පෙර  ඔබට තොරතුරු සමීප කරනු ලැබුවා මතක ඇති.



එවක එකවර 30 දෙනෙකුට පමණක් සීමා කර තිබූ Video Call පහසුකම මේ වනවිට එකවර පරිශීලකයන් 1,000 කට සම්බන්ද විය හැකි ආකාරයට වැඩි දියුණු කර ඇති බව Telegram සමාගම සිය නිළ Blog අඩවිය ලිපියක් හරහා ප්‍රකාශ කර සිටිනවා.

කෙසේ වුවත් මෙම අලුත් පහසුකම හරහා එකවර 1,000 දෙනෙකුට Video Call එකක් හා සම්බන්ධ වීමට හැකියාව ලැබුන ද එකවර camera එක හා screen එක Share කිරීමට හැකියාව හිමිවන්නේ නම් 30 දෙනෙකුට පමණයි. ඒ අනුව Video Call හා සම්බන්ධව සිටින 30 දෙනාට අමතරව තවත් උපරිම 970 දක්වා අයට නරඔන්නන් ලෙස සම්බන්ධ වීමට හැකියාව ලැබෙනවා.



එය එසේ වුව ද මෙම පහසුම Online Class වැනි දෑ සඳහා වඩාත් ප්‍රයෝජනවත් වනු ඇති අතර ඉදිරියේදී මෙම ප්‍රමාණය තවත් වැඩි කිරීමට කටයුතු කරන බව ද Telegram සමාගම සිය ලිපිය මඟින් තවදුරටත් කියා සිටිනවා.

Video Call 2.0 පහසුකමට අමතරව fast forward හා rewind කිරීමට හා තවත් විශේෂාංග කිහිපයක් සහිත Telegram Video Messages 2.0 ද හදුන්වාදීමට ද Telegram ආයතනය කටයුතු කර තිබෙනවා.



නවතම Telegram Video Messages 2.0 හරහා ඉහත සඳහන් කළ පහසුකම් ද සහිතව higher resolution video එකක් Share කර ගැනීමටද පහසුකම් ‍ලැබෙන අතර video message මත tap කිරීමෙන් එනම් එකවරක් ඒ මත Touch කිරීම මගින් video එක තරමක් විශාල කිරීමට ද හැකියාවක් ලබා දී තිබෙනවා.



මෙම පහසුකමට අමතරව Telegram හරහා Share කළ Video එකක් බැලීමේදී එය 0.2x,0.5x, 1.5x හා 2x යන ආකාර වලින් වේගය වැඩි කර බැලීමට හැකිවන පහසුමක් ද Screen එක Share කිරීමේදී  Device එකේ Sound එකත් සමඟ ම Share කිරීමේ හැකියාව ද ඇතුළු තවත් සුලු Updates කිහිපයක් ම මේ හා සමඟාමීව ලබා දී තිබෙනවා.

Komentar

Tampilkan

Terkini

NamaLabel

+