Iklan

no-style

චීනයේ වයස අවුරුදු 18 ට අඩු ළමයින් සදහා Online Games Play කළ හැකි කාලය සීමා කරයි

Uvindu Bro
Wednesday, September 8, 2021, September 08, 2021 WIB Last Updated 2021-11-12T09:06:02Z
masukkan script iklan disini
masukkan script iklan disini


Online Games මේ වන විට ලෝකයේ බොහෝ රටවල ජන්ප්‍රිය වී තිබෙන අතර e-Sports නමින් මේ වන විට Online Gaming Competitions ද සෑම රටකම පාහෙ පැවැත්වෙනවා. එසේම පර්‍යේෂකයන් පෙන්වා දෙන්නේ සාමාන්‍ය පරිඝණකයක් භාවිතා කරමින් සාම්ප්‍රදායික Online Games වලට ක්‍රීඩකයන් ඇබ්බැහිවීමට වඩා වැඩි අගයක් තම අත ඇති ජංගම දුරකථනයෙන්  Online Gaming වල නිරත වන බවයි. කෙසේ වෙතත් මේ කාලවකවානුව තුළ පාසල් සිසුන් තම නිවසේ සිට අධ්‍යාපනය ලබා ගැනීම අතර තුර Online Games සදහා ඇබ්බැහි වීමේ ප්‍රවනතාවය සීඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බවද ඔවුන් වැඩි දුර පවසා තිබෙනවා.


සීමා කිරීමේ කාලය

චීනයේ අවුරුදු 18ට අඩු පිරිස් අන්තර්ජාල ක්‍රීඩාවලට ඇබ්බැහි වීම සහ ඒ හරහා සූදු ක්‍රීඩාවෙ නිරත වීමේ දැඩි ප්‍රවනතාවයක් දැක්විම හේතුවෙන් පසුගිය දා එරට රජය මේ සදහා දැඩි නියෝග පනවනු ලැබුවා.


ඒ අනුව එරට ජාතික මුද්‍රණ හා ප්‍රකාශන පරිපාලන රජයේ ප්‍රවෘත්ති ඒජන්සිය වන ෂින්හුවා (Xinhua) පවසා සිටියේ Online Games ක්‍රීඩා කිරීමට අවසර දෙනු ලබන්නේ  රාත්‍රී 8 සිට රාත්‍රී 9 දක්වා පමණක් බවයි. ඒ සිකුරාදා , සති අන්තවලයි.


මුල් නීති වලට අනුව සතියකට පැය 3 ක් ලෙස Online Games ක්‍රීඩා කිරීම සීමා කර තිබුණත් පසුව නිවාඩු දිනයන්හිදී ක්‍රීඩා වල නිරත විය හැකි කාලය පැය තුන දක්වා ඉහළ නංවා තිබුණි.


මෙය සිදු වන්නේ කෙසේද?

මෙය සිදු කරන්නේ facial recognition තාක්ෂණය භාවිතා කරමින් බව ජාත්‍යන්තර මධ්‍යයේ සදහන් වී තිබුණා.  ක්‍රීඩකයා තමන්ගේ සත්‍ය ජාතික හැදුනුම් පත සිය ගිණුම හා link කර ගත යුතු වනවා. එය නියාමනය කිරීමේදී ඔබ බාලවයස්කරුවෙක්ද යන්න එයින් හදුනාගත හැකි වනවා. ක්‍රීඩකයාට ලබාදී ඇති කාල සීමාව ඉක්මවා ක්‍රිඩා කරන්නේ නම් ඔහුට මුහුණ හදුනාගැනීමේ පද්ධතිය හරහා සිය මුහුණ පෙන්වීමට සිදු වනවා. මෙහිදී ඔබගේ හැදුනුම්පතේ ඔබ වැඩිහිටියෙක් ලෙස පෙනී සිටියද ඔබ මුහුණ හදුනා ගැනීමේ පද්දතියට මුහුණ පරිලෝකනය නොකළහොත් එය ඔබ බාලවයස්කරුවෙක් ලෙස සළකනු ලබනවා.


මින් පසුව අදාළ ආයතන නීති උල්ලංගනය කිරීමක් සිදු වුවහොත් එම බාලවයස්කාර ක්‍රීඩකයාගෙ හැදුනුම්පතෙහි ඇති වැඩිහිටියන්ගේ තොරතුරු හරහා සිය වැඩිහිටියන් සම්බන්ධ කර ගැනීමක් සිදු කරනු ලබනවා.


මෙහිදී චීන රජය Online Gaming කර්මාන්තය සහ විශේෂයෙන්ම එහි මූලිකත්වය දරන Tencent බහු ජාතික සමාගම මත විශ්වාසය තබන බවද වැඩි දුරටත් සදහන් වී තිබුණා.


මෙය අනවසර නියාමනයක්ද ?

ජාත්‍යන්තර මාධ්‍යයේ මෙම නියාමනය පිළිබදව දැඩි ලෙස විවේචනයට ලක්ව තිබුණා. විශේෂයෙන්ම වැඩිහිටියන්ට මෙන්ම ළමයින්ටද බලපාන එවැනි අනවසර නියාමනය බොහෝ රටවල පිළිගත නොහැකි බව බොහෝ දෙනා පවසා සිටියා.


BBC ලෝක පුවත් සේවය මගින් සිදු කරන Tech Tent Podcast සේවාව තුළද මේ පිළිබදව සාකච්ඡාවට නැගුනා. ඒ පිළිබදව ඔබට පහත link එක භාවිතයෙන් එම Podcast එකට සවන්දීමේ හැකියාව ලැබෙනවා.


https://www.bbc.co.uk/sounds/play/w3ct1nhd


~ TechNews.lk (Uvindu Bro)

Komentar

Tampilkan

Terkini

NamaLabel

+