Iklan

no-style

මීලග Apple event එක පැවැත්වීමට නියමිත දිනය නිළ වශයෙන් නිවේදනය කිරීමට Apple සමාගම කටයුතු කරයි

Uvindu Bro
Wednesday, September 8, 2021, September 08, 2021 WIB Last Updated 2021-11-12T09:06:02Z
masukkan script iklan disini
masukkan script iklan disini

 


Apple සමාගම විසින් ඔවුන්ගේ මීලග Apple event එක පැවැත්වීමට නියමිත දිනය නිළ වශයෙන් නිවේදනය කිරීමට මේ වනවිට කටයුතු කර තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් මස 14 වනදා ඔවුන්ගේ නවතම Apple event එක පැවැත්වීමට නියමිත බව Apple සමාගම ප්‍රකාශ කර තිබෙනවා.

https://www.apple.com/apple-events/


Apple සමාගම විසින් ඔවුන්ගේ පෙර පැවති WWDC 21 Event එකට මාස තුනකට පසු, බලාපොරොත්තු වු අකාරයෙන්ම මෙම නවතම Apple event එක පැවැත්වීමට තීරණය කර ඇති අතර, ඔවුන්ගේ නවතම iPhone 13 line-up එක සහ redesign කල Apple Watch Series 7 එක ඇතුළු තවත් Apple devices මාදිලී කිහිපයක් මෙහිදී එළිදැක්වීමට නියමිත බව වාර්තා වෙනවා.


ලොව පුරා අලෙවිකරණය පිළිබඳ ඇපල් සමාගමේ Senior Vice President කෙනෙකු වන Greg Joswiak මහතා විසින් තම Twitter ගිණුමේ මේ පිළිබඳව tweet එකක් පළ කිරීමට කටයුතු කර තිබෙනවා. මෙමTwitter පණිවිඩයේ සඳහන් වීඩියෝවෙන් මීලගට නිකුත් කිරීමට නියමිත iPhone 13 මාදිලි සඳහා astrophotography mode එකක් හෝ satellite connectivity සඳහා සහාය දැක්වීම සම්බන්ධව ද ප්‍රකාශයක් සිදුකිරීමට සුදානමින් සිටින බවද ඉඟිපළ කරනවා.


කෙසේ වෙතත් පවතින Covid19 වසංගත තත්වය හේතුවෙන් පසුගිය මාස වල පැවැති ආකාරයට සාපේක්ෂව මේ Event එකත් virtual online event එකක් අකාරයෙන් පැවැත්වීමට කටයුතු කරන අතර මේ සඳහා ඉහලම තාක්ෂණයකින් යුතු පුර්ව පටිගත කළ වීඩියෝවක් හරහා මෙහි සජීවී විකාශනයක් ලබාදීමට Apple සමාගම තීරණය කර තිබෙනවා. ඔබට Apple හි නිළ Youtube නාළිකාව සහ Apple වෙබ් අඩවිය, Apple TV app එක හරහා මෙය නැරඹීමේ හැකියාව පවතිනවා.




~ TechNews.lk (Kasun Chanuka Fernando)


Komentar

Tampilkan

Terkini

NamaLabel

+