Iklan

no-style

WhatsApp Desktop Beta සංස්කරණයක් නුදුරේදී එලි දැක්වේ.

Uvindu Bro
Sunday, July 11, 2021, July 11, 2021 WIB Last Updated 2021-11-12T09:06:06Z
masukkan script iklan disini
masukkan script iklan disini


අපට Computer එකක් හෝ Laptop එකක් ඇත්නම් අපි WhatsApp Web එක හෝ WhatsApp Desktop මෘදුකාංගය ඔස්සේ අපගේ දුරකථනය හරහා QR Code එකක් scan කර ගැනීම මගින් දුරකථනය හරහා භාවිතා කරන WhatsApp සේවාව අපගේ පරිගණකය වෙත ලබා ගන්නවා.


කොහොම නමුත් මෙහි ඇති ගැටළුව වන්නේ පරිගණකය හරහා සම්බන්ධ වන WhatsApp web හෝ WhatsApp Desktop apps ක්‍රියාත්මක වීම සඳහා ජංගම දුරකථනයේ ඇති original WhatsApp app එක ක්‍රියාත්මකව (අන්තර්ජාල සම්බන්ධතාවයක් සහිතව) තිබිය යුතු වීමයි.


මේ වන විටත් ඔබ Telegram වැනි සේවාවත් භාවිතා කරන්නේ නම් දුරකථනයේ අන්තර්ජාල සබඳතාවක් නොමැතිව ඔබගේ පරිගණකය හරහා ද කිසිදු බාධාවක් නොමැතිව Multi-Device පහසුකම ඔස්සේ භාවිතා කළ හැකි බව ඔබ දැනටමත් දන්නවා ඇති.





මේ පහසුකම WhatsApp සඳහා ද ලබාදීමට කටයුතු කරනු ලබන බව Mark Zuckerberg විසින් මීට පෙර තහවුරු කළ අතර, මේ වන විට මෙය අලුතින් නිකුත් කිරීමට නියමිත WhatsApp Desktop beta සංස්කරණයට ඇතුලත් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.


මේ අනුව අලුත්ම WhatsApp Desktop beta සංස්කරණය භාවිතා කිරීමේදී ජංගම දුරකතනය අන්තර්ජාලයට සම්බන්ධ වී තිබීම අත්‍යාවශ්‍යය නොවන නමුත්, මූලිකව WhatsApp Desktop සංස්කරණය authenticate කරගැනීම සඳහා සුපුරුදු පරිදි QR Code එක scan කිරීම සිදු කළ යුතු වෙනවා.


කොහොම නමුත් මේ වන විටත් ඔබ WhatsApp Desktop සංස්කරණය භාවිතා කරන්නේ නම්, ඉදිරියේදී එය අලුත්ම beta build එක වෙත ස්ව්‍යංක්‍රීයව update කිරීමට WhatsApp ආයතනය කටයුතු කරනු ඇති අතර multi-device beta පහසුකම භාවිතා කිරීමට ඔබට නුදුරු අනාගතයේදීම අවස්ථාව ලැබෙනු ඇති.

 

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා wabetainfo වෙබ් අඩවිය සහ NDTVවෙබ් අඩවිය භාවිතා කළ හැක.
Komentar

Tampilkan

Terkini

NamaLabel

+