Iklan

no-style

MWC 2021 දී Samsung සමාගමේ virtual event එක ජුනි 28 වනදා පවත්වන බව නිවේදනය කරයි

Uvindu Bro
Thursday, June 24, 2021, June 24, 2021 WIB Last Updated 2021-11-12T09:06:08Z
masukkan script iklan disini
masukkan script iklan disini

 


Samsung සමාගම විසින් මේ වසරේ Mobile World Congress එකේදී, virtual Samsung Galaxy session එකක් පවත්වන බව මේ වන විට නිවේදනය කර ඇති අතර එය ශ්‍රී ලංකාවේ වේලාවෙන් ජුනි මස 28 වන දින, පස්වරු 10:45 ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.


එහිදී, Samsung සමාගම විසින් Galaxy ecosystem එකට සම්බන්ධ උපාංග මගින් එදිනෙදා ජීවිතය පහසු කරන්නේ කෙසේද යන්න මෙන්ම, Samsung සමාගමේ smartwatches වල අනාගතය පිළිබඳවද තොරතුරු ප්‍රකාශ කරනු ඇති බවට බලාපොරොත්තු වෙන්න පුළුවන්.


මෙම event එකේදී, product launch එකක් පිළිබඳව තොරතුරු වාර්තා නොවන නමුත්, Samsung සමාගම විසින් මෙහිදී, Galaxy Unpacked event එකට පෙර ඔවුන්ගේ නව නිෂ්පාදන පිළිබඳ අවබෝධයක් ලබා දීමට හැකියාවක් තිබෙනවා.


Samsung සමාගම විසින් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත product lineup එකට Galaxy Z Flip 3, Galaxy Z Fold 3, Galaxy Watch 4, Galaxy Watch Active 4, සහ Galaxy Buds 2 ඇතුළත් වන අතර ඉහත poster එකේද ඔරලෝසුවක silhouette එකක්, දුරකතනයක්, tablet එකක්, notebook device එකක් හෝ foldable device එකක් සහ Samsung Knox security platform එක දැකගැනීමට පුළුවන්.


එමෙන්ම, මෙම event එක YouTube හරහා livestream කිරීමටද Samsung සමාගම කටයුතු කරන බැවින් සෑම කෙනෙකුටම එය නැරඹීමේ හැකියාවද හිමිවෙනවා.


 Stuff Server Web එක හරහාත් live Stream එක දෙනවා 🤗❤️

Komentar

Tampilkan

Terkini

NamaLabel

+