මේ දවස් වල හැමෝම කතා වෙන්නේ Online Classes සහ Meetings ගැන, ඒක අද සමාජයේ නැතුවම බැරි දෙයක් වෙලා ඉතින් ඒකට තවත් එක විසදුමක් වශයෙන්, ලොව පුරා මිලියන 500 ක් පමණ දෙනා භාවිතා කරන Telegram සේවාව සඳහා Screen Sharing විශේෂාංගයක් සහ Group Video Calls විශේෂාංගයක් ඇතුලුව තවත් විශේෂාංග කිහිපයක් හඳුන්වාදීමට Telegram ආයතනය මේ වනවිට කටයුතු කර තිබෙනවා.
Group video calls
කෙසේ නමුත් මෙම ප්‍රමාණය ඉදිරියේදී ඉහළ දැමීමට බලාපොරොත්තු වන බව Telegram ආයතනය කියා සිටින අතර මෙම Group Video Calls පහසුකමත් අනෙක් පහසුකම් ආකාරයටම සරල හා වර්ණවත් පෙනුමක් සමඟින් පරිශිලකයාගේ වැඩි ආකර්ශනයක් ලබා ගන්නා ආකාරයට නිර්මාණය කිරීමට Telegram ආයතනය සමත්ව තිබෙනවා.
Screen Sharing
ඉහත සඳහන් කල Group Video Calls පහසුකමට සමගාමීව Online Office Conference සහ Online Classes වැනි කටයුතු Telegram App එක හරහාම වඩාත් පහසුවෙන් කරගැනීමට හැකියාව ලබා දෙමින් Screen Sharing පහසුකමක්ද හඳුන්වාදීමට Telegram ආයතනය කටයුතු කර ඇති අතර මෙම පහසුකම හරහා පරිශීලකයන් හට ඔවුන්ගේ Screen එක Group Video Call එකට සම්බන්ධ වී සිටින අනෙක් පරිශීලකයන් සමඟ ඉතා පහසුවෙන් Share කරගැනීමට හැකියාව ලැබෙනවා.
එමෙන්ම අවශ්‍යතාවය පරිදි camera feed එකත් සමඟම Screen එක share කර ගැනීමටත් Screen Share කර ගැනීමේදී තමා තෝරා ගන්නා Window එකක් පමණක් Share කිරීමේ හැකියාවත් මෙහිදී ලබා දී තිබෙනවා. ඊට අමතරව, Group Video Calls හරහා Game Streaming කිරීමටද මේ හරහා හැකියාව ලැබෙනවා.
Inbuilt Noise suppression
Telegram හරහා Voice Call එකක් හා සම්බන්ධව සිටීමේදී බාහිරින් ඇසෙන අනෙකුත් ශබ්ද filter කීරීමට හැකි පහසුකමක් ද මෙම නව update එකත් සමඟ හදුන්වාදී ඇති අතර එය Noise suppression නමින් හදුන්වා දී තිබෙනවා.
මෙය භාවිතා කරන්නාගේ අවශ්‍යතාවය පරිදි Turn On කර ගත හැකි අයුරින් නිර්මාණය කර ඇති අතර මෙම පහසුකම භාවිතයෙන් ඝෝෂාවක් සහිත අවස්ථාවකදී වුවත් වඩාත් පැහැදිලි සංවාදයක් පවත්වාගෙන යාමට හැකි බව Telegram ආයතනය පෙන්වා දෙනවා.
Tablet සහ desktop සඳහා සහාය
Tablets සහ PCs සඳහා වන Telegram app එක දැන් නව Group Video Calls සහ Screen Sharing විශේෂාංග සඳහාද සහාය දක්වන අතර tablets සහ computers වල තරමක් පුළුල් screens ඇති බැවින් ඔබට පහසුවෙන්ම split-screen view එක මගින් Video Call එකට සම්බන්ධ වී සිටින පරිශීලකයන්ගේ video feed එක grid එකක් ලෙස සහ list එකක් ලෙස දැකගැනීමට options කිහිපයක් මෙහිදී ලබාදී තිබෙනවා.එමෙන්ම, PCs සඳහා වන Telegram app එකේදී ඔබට සම්පූර්ණ screen එකම share කිරීම වෙනුවට, අවශ්‍ය program එක පමණක් share කිරිමේ හැකියාවද ලබා දී තිබෙනවා.
© 2021 STUFF SERVER
TechNewsLK


