Iklan

no-style

Windows 11 නිකුත් කිරීමට නියමිත දිනය නිළ වශයෙන් නිවේදනය කිරීමට Microsoft සමාගම කටයුතු කරයි

Uvindu Bro
Wednesday, September 8, 2021, September 08, 2021 WIB Last Updated 2021-11-12T09:06:03Z
masukkan script iklan disini
masukkan script iklan disini


පසුගිය මාස කිහිපය පුරාවට Microsoft සමාගමේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වූ අතර බොහෝමයක් දෙනා එහි testing build භාවිතා කිරීමට මේ වන විටත් කටයුතු කර තිබෙනවා.


ඔන්න දැන් Windows 11 මෙහෙයුම් පද්ධතිය නිළ වශයෙන් නිකුත් කිරීමට නියමිත දිනය නිවේදනය කිරීමට Microsoft සමාගම කටයුතු කර තිබෙනවා.


මේ අනුව මීළඟ ඔක්තෝම්බර් මස 5 වැනි දින Windows 11 මෙහෙයුම් පද්ධතියේ stable release එක පළමු වතාවට නිකුත් කරනු ඇති අතර, සුදුසුකම් ඇති PC සඳහා free upgrade එකක් ලෙස ලබාදීමට Microsoft සමාගම සැළසුම් කර තිබෙනවා.


එමෙන්ම සැප්තැම්බර් 5 වැනි දින සිට Windows 11 pre-installed ලෙස පැමිණෙන devices මිලදීගැනීමට ද හැකියාව ලැබෙනු ඇති බව Microsoft සමාගම වැඩිදුරටත් පෙන්වා දෙනවා.


https://blogs.windows.com/windowsexperience/2021/08/31/windows-11-available-on-october-5


එමෙන්ම මෙලෙස Windows 11 free upgrade එක 2022 වර්ෂය දක්වා සිදු වනු ඇති අතර 2022 වර්ෂයේ මැද භාගය වන විට සියළුම eligiable PC සඳහා Windows 11 upgrade එක ලබාදීමට Microsoft සමාගම කටයුතු කරනු ඇත.


කෙසේ නමුත් මෙම Windows 11 මෙහෙයුම් පද්ධතිය භාවිතා කිරීම සඳහා අලුත් hardware අවශ්‍යය වන බව පෙන්වාදෙමින් Microsoft සමාගම ප්‍රකාශ කරන්නේ Windows 10 භාවිතා වන පැරණි PC, Windows 11 වෙත upgrade කිරීමේදී drivers සොයාගැනීමේ අපහසුතා වැනි ගැටළු වලට මුහුණදීමට සිදුවිය හැකි බවයි.


~ TechNews.lk (Kasun Jayarathna)


Komentar

Tampilkan

Terkini

NamaLabel

+