Iklan

no-style

YouTube videos seek කිරීම සඳහා නව gesture එකක් හඳුන්වාදීමට Google සමාගම කටයුතු කරයි

Uvindu Bro
Wednesday, August 11, 2021, August 11, 2021 WIB Last Updated 2021-11-12T09:06:04Z
masukkan script iklan disini
masukkan script iklan disini


පසුගිය වසරේදී YouTube video හි progress bar එක tap කිරීම මගින් video එක seek කිරීමේ හැකියාව ඉවත් කිරීමට Google සමාගම කටයුතු කළ අතර, ඒ සඳහා පරිශීලකයන් බොහොමයක් සිය අප්‍රසාදය පළ කර සිටියා.


කෙසේ නමුත් ඒ සඳහා විකල්පයක් ලෙස tapping gesture එකක් මගින් video එක seek කිරීමේ හැකියාව ලබාදීමට Google සමාගම කටයුතු කළ අතර මේ වන විට, Google සමාගම විසින් video එක seek කිරීම සඳහා නව gesture එකක් හ‍ඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වෙනවා.


දැනට, ඔබගේ Android හෝ iOS උපාංගය හරහා YouTube video එකක් නැරඹීමේදී, screen එකේ වම් හෝ දකුණු පැත්ත දෙවරක් හෝ කිහිප වරක් tap කිරීම මගින් හෝ, progress bar එක drag කිරීම මගින් video එක seek කිරීමේ හැකියාව තිබෙනවා.


මෙම නව gesture එක මගින්, පරිශීලකයින් හට screen එක මත tap කර hold කරගෙන වමට හෝ දකුණට swipe කිරීම මගින් video එක seek කිරීමේ හැකියාව හිමි වෙනවා.




මෙම gesture එක Android v16.31.34 beta YouTube app එක භාවිතා කරන තෝරාගත් පරිශීලකයන් කිහිප දෙනෙකු සඳහා server-side update එකක් ලෙසින් ලබා දී තිබෙන අතර ඉදිරියේදී මෙය සියලුම පරිශීලකයන් හට ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්


~ www.technews.lk (Sanka Maduranga Ayya)


Komentar

Tampilkan

Terkini

NamaLabel

+