Iklan

no-style

දැනට ලොව වාර්තා වී ඇති වැඩිම කප්පම් මුදලක් ඉල්ලා ඇති ransomware ප්‍රහාරය නැවැත්වීම සඳහා හැකර්වරුන් විසින් ඩොළර් මිලියන 70ක කප්පම් මුදලක් ඉල්ලයි

Uvindu Bro
Wednesday, July 7, 2021, July 07, 2021 WIB Last Updated 2021-11-12T09:06:07Z
masukkan script iklan disini
masukkan script iklan disini

 


දැනට වාර්තා වී ඇති වැඩිම කප්පම් මුදලක් ඉල්ලා ඇති ransomware attack එක බවට පත් වෙමින් පසුගිය සිකුරාදා දිනයෙහි ලොව පුරා සමාගම් රැසකට එල්ල කළ ransomware ප්‍රහාරය ඉතිහාසයට එකතු වුණා.


REvil නමින් හඳුන්වන රුසියානු සම්භවයක් සහිත හැකර්වරුන් පිරිසක් විසින් එල්ල කර ඇති මෙම ransomware ප්‍රහාරය හරහා ඇමෙරිකානු සමාගම් 200කට අධික ප්‍රමාණයකුත්, ලොව පුරා තවත් ආයතන 100කට අධික ප්‍රමාණයකුත් අකර්මන්‍යය කිරීමට සමත් වී ඇති බව වාර්තා වෙනවා.


මේ වන විට මෙම ප්‍රහාරය මගින් පරිගණක පද්ධති මිලියනයකට අධික ප්‍රමාණයක් අකර්මන්‍යය වී ඇති අතර, විශේෂයෙන්ම පසුගිය සති අන්තයේදී Kaseya නම් වූ IT firm එක hack වීමෙන් අනතුරුව ස්වීඩන් සුපිරි වෙළඳසැල් සිය ගණනක් අකර්මන්‍යය කිරීමට මෙය සමත් වී තිබෙනවා.


මෙම ප්‍රහාරය හරහා encrypt කරනු ලැබූ තොරතුරු නැවත decrypt කළ හැකි tool එකක් ලබාදීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොළර් මිලියන 70ක මුදලක් Bitcoin හරහා ලබාදෙන ලෙස අදාල හැකර්වරුන් නිවේදනය කර තිබෙනවා.


පසුගිය ජුනි මාසයේදී ලොව විශාලතම මස් සැපයුම්කරු වන JBS ආයතනයට සයිබර් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ ද මෙම හැකරුවරුන් විසින් ම වන අතර, ඒ හරහා ඇමෙරිකානු ඩොළර් මිලියන 11ක කප්පම් මුදලක් ලබාගනු ලැබුවා.


FBI ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ මෙම ප්‍රහාරය හරහා අපහසුතාවයට පත් වූ සෑම ආයතනයකටම තනි තනි වශයෙන් ප්‍රතිචාර දැක්විය නොහැකි බවත්, මේ වන විට Joe Biden ජනාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ ඔවුන්ගේ සියළුම සම්පත් මෙම ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා යොදවමින් සිටින බවත් ය.

Komentar

Tampilkan

Terkini

NamaLabel

+