Iklan

no-style

ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් යොදාගෙන මුදල් වාංචා කළ චීන ජාතිකයෙක් සහ ලාංකිකයින් තිදෙනෙක් අත්අඩංගුවට

Uvindu Bro
Tuesday, June 22, 2021, June 22, 2021 WIB Last Updated 2021-11-12T09:06:09Z
masukkan script iklan disini
masukkan script iklan disini



 ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් යොදාගෙන මුදල් වාංචා කළ චීන ජාතිකයෙක් සහ ලාංකිකයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


ඒ, ගල්කිස්ස ප්‍රදේශයේදීයී.


Online ක්‍රමයට භාණ්ඩ සපයන ආයතනයක් විසින් කළ පැමිණිල්ලක් මත එම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.


අදාළ පුද්ගලයින් Online ක්‍රමවේදය අනුව කෙඩිට් කාඩ්පත් මඟින් භාණ්ඩ ඇණවුම් කර පසුව එම ගාස්තු අයකර ගැනීමට යෑමේ දී එම කාඩ්පත්වල මුදල් නොමැති බවට අනාවරණය වී තිබෙනවා.


මේ අනුව සිදුකළ විමර්ශනයක දී අදාළ පුද්ගලයින් විසින් ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් සකස් කරන බවට අනාවරණය වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.


ඒ සඳහා උපයෝගී කරගන්නා අමුද්‍රව්‍ය හා ව්‍යාජ කෙඩිට් කාඩ්පත් 30ක් පමණ සොයාගෙන තිබෙනවා.


Online ක්‍රමවේදය ඔස්සේ ලබාගන්නා භාණ්ඩ අදාළ පුද්ගලයින් විසින් නැවත අලෙවි කිරීමක් ද සිදුකර තිබෙනවා.


අදාළ සැකකරුවන් විසින් දින දෙකක් තුළ දී රු 787,000ක මුදලක් වංචාකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.


සැකකරුවන් මහනුවර, වරකාපොළ හා ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් චීන ජාතිකයාගේ සහය මත ඔවුන් එම ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් සකස් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.


සැකකරුවන් සිව්දෙනා අද (21) දින ගල්කිස්ස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. (colombotimes.lk)

Komentar

Tampilkan

Terkini

NamaLabel

+