Iklan

no-style

WhatsApp beta පරිශීලකයින් සඳහා Large Link Preview පහසුකම ලබාදීමට WhatsApp ආයතනය කටයුතු කරයි

Uvindu Bro
Wednesday, September 8, 2021, September 08, 2021 WIB Last Updated 2021-11-12T09:06:03Z
masukkan script iklan disini
masukkan script iklan disini


මේ වන විටත් ඔබ WhatsApp Messaging යෙදුම භාවිත කරන අයෙක් නම් එයට අලුතෙන් එකතුවන විශේෂාංග පිළිබඳව ඔබ දැඩි උනන්දුවකින් සිටිනවා වන්නට පුලුවන්.


මෙම WhatsApp යෙදුම තුළ ඔබ තවත් අයෙක් හට අන්තර්ජාලයේ වෙබ් පිටුවක හෝ වෙනත් යෙදුමක ඇති URL එකක් එසේත් නොමැති නම් Link එකක් යවන විට මෙම Link එක තුළ අඩංගු මාතෘකාව හා එහි අන්තර්ගතය ඉතා කුඩාවට දිස්වන ආකාරය ඔබ දැක ඇති.



නමුත් අනෙක් සමාජ මාධ්‍ය හා Messaging යෙදුම් වල මෙම Link Preview එක ඉතාමත් පැහැදිලිව විශාලව දිස්වන ආකාරය ඔබ දැක ඇති. එයට කදිම උදාහරණය වන්නේ Telegram යෙදුමයි.


මෙම විශේෂාංගය කඩිනමින් WhatsApp යෙදුමට එකතු කිරීමට කටයුතු කරන බව WhatsApp ආයතනය පවසා තිබෙනවා. මෙහිදී Link Preview එක ඉතාමත් පැහැදිලිව හා විශාවලව දිස්වන ආකරය පහත පින්තූරය හරහා ඔබට දැක ගත හැකිය.


මෙම විශේෂාංගය WhatsApp Beta පරීක්ෂකයන් හට නවතම WhatsApp Beta සංස්කරණය (iOS 2.21.160.17/Android 2.21.17.15) හරහා ලබා ගැනීමට හැකියාව ලැබෙන අතර, ඉතාමත් ඉක්මණින් සාමාන්‍යය WhatsApp පරිශීලකයින් හට ද ලබාදීමට WhatsApp ආයතනය කටයුතු කරනු ඇති.


~ TechNews.lk (Uvindu Bro)

Komentar

Tampilkan

Terkini

NamaLabel

+